ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් පරිත්‍යාගයක්

හමුදා තොරතුරු

මෙරට ඉන්දියානු ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී ලංකා නාවුක හමුදාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කපිතාන් අශෝක් රාඕ, එසේ නාවුක හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කර තිබේ.

නාවුක හමුදා මූලස්ථානය වෙත ජුනි 03 වැනි දා පැමිණි හෙතෙම මෙම වෛද්‍ය උපකරණ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිරිනැමුවේ ය.

ඒ උණ පරීක්‍ෂා කිරීමේ උපකරණ (Temperature Gun) සහ වෛරසය ආසාදිත රෝගියෙකු ආරක්‍ෂිත ව රැගෙන යා හැකි Air Evacuation Pod (AEP) උපකරණයි.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2020/06/03/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *