2020 ජුනි 04 වැනි දා

කැබිනට් තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ජුනි 04 වැනි දා පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඊට සහභාගි වූ හ.

එදින ඉදිරිපත් කරන ලද්දේ ජුනි 03 වැනි රැස් වූ කැබිනට් මණ්ඩල තීරණ වේ.

අදාල තීරණ සැකෙවින්…

ආර්ථික පුනර්ජීවන සහාය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
* සුළු හා මධ්‍ය පරිමාණ සහ වෙනත් ව්‍යවසායකයින්ගේ ඉල්ලීම පරිදි ප්‍රතිව්‍යුහකරණ මුල්‍ය ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රතිමුල්‍යකරණ පහසුකම් රුපියල් බිලියන 50 සිට 150 දක්වා ඉහළ නැංවීම
* කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ සියලු ආදායම් බදුවල දඩ මුදල් අය කිරීමෙන් නිදහස් කිරීම. (ජුනි 30 දක්වා ප්‍රමාද ගාස්තු අය නොකෙරෙන අතර ජූලි මාසයේ සිට ප්‍රමාද ගාස්තු අය කෙරේ.)
* පුත්තලමේ මෙගාවොට් 300 ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සැකසීමට විදුලි බල මණ්ඩල සභාපතිවරයාට නියම කිරීම.
* අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ඉන්දීය ණය මුදලින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇරඹීම

පැවති රජය නොගෙවූ බිල්පත් රුපියල් බිලියන 196.6 ක් දැනට ගෙවා ඇති අතර තවත් බිලියන 44 ක් ගෙවීම් සිදු කෙරෙමින් පැවතීම – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ඉස්සන් වගාව වැඩිදියුණු කිරීම – ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

හම්බන්තොට ප්‍රදේශයේ පාලම් ඉදිකිරීම – මහාමාර්ග අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

විනාශ වූ කුඩා තේ වතු හිමියන්ට නොමිලේ තේ පැල ලබාදීම – වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *