සේවා වනිතාවන්ගෙන් රෝද පුටු

හමුදා තොරතුරු

ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල වෙසෙන ආබාධිත දරුවන් හට රෝද පුටු පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස්ගේ මෙහෙයවීමෙන් ජුනි 24 වැනි දා අදාල පරිත්‍යාගය ගුවන් හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

ඒ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි සේවා මුක්ත රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගමය රෝද පුටු 15 ක් සේවා වනිතා ඒකකයට පිරිනමන ලදී.

සංගමය වෙනුවෙන් එහි නියෝජිත විශ්‍රාමික ගෲප් කපිිතාන් කුමාර කිරින්දේ සහ විශ්‍රාමික වින්ග් කමාන්ඩර් නලින් ජයතිලක එම අවස්ථාවට සහභාගි වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *