නීතීවිරෝධී මැතිවරණ ප්‍රචාරණ පාලනයට පියවර

පොලීසියෙන්

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනය පිණිස විශේෂ වැඩපිළිවෙලක් දියත් කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

දිවයිනේ සියලු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ජංගම මුර සංචාර, විශේෂ මාර්ග බාධක හා යතුරුපැදි සංචාර මගින් අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ අපේක්ෂකයෙකු ගමන්ගන්නා වාහනයක හැර සෙසු සියලු වාහනවල සවි කර ඇති ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කරන ලෙස ය.

ඒ සඳහා සියලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ දෛනික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අමතර මාර්ග දෙපස පොදු ස්ථානවල නීතිවිරෝධී ව සවි කර ඇති පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කෙරෙන අතර, පොදු ස්ථාන හා බස් රථවල සවි කර ඇති එල්ඊඩී තිර හා රූපවාහිනී තිර මගින් කෙරෙන නීතිවිරෝධී මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ද වැළැක්වීමට පියවර ගැනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *