තැපැල් ඡන්දයට හැඳුනුම්පත අනිවාර්යයි.

උණුසුම්

පිළිගත හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ නොහැකි කිසිවෙකු හට තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් වර්ග 04 ක් ඔහු පෙන්වා දේ.

එනම්,
01. ජාතික හැඳුනුම්පත
02. වලංගු රියදුරු බලපත
03. වලංගු ගමන් බලපත
04. මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත

ඊට අමතර ජාතික හැඳුනුම්පත් අංකය සහිත රාජකාරි හැඳුනුම්පත ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඉදිරිපත් කළ හැකි ය.

කොවිඩ් 10 පාලිත තත්ත්වය යටතේ වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දුරස්ථබව, දෑත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය වන අතර, නිල් හෝ කළු පැහැති පෑනක් රැගෙන ඒම ද අවශ්‍ය බව සභාපතිවරයා කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *