සිවිල් ක්‍රියාකාරිකයාට මරණ තර්ජන

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ – මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් හට මරණ තර්ජන එල්ල වේ. ඔහු එළඹෙන මහා මැතිවරණයේ ද අපේක්ෂකයෙකි. ඝාතනයට පත් සිවිල් ක්‍රියාකාරී සුනිල් ජයවර්ධන වෙනුවෙන් හඬ නැගූ තමන්ට එරෙහි ඇතැම් දේශපාලකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් මෙසේ මරණීය තර්ජන එල්ල කරන බව ඔහු පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දේ. එබැවින් අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස්වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට උසස්වීමක් පිරිනැමේ. පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ ඩබ්ලිව්. ජේ. එන්. සේනාරත්න මහතා ය. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත 2018 ජනවාරි 01 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධුරයට උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජනතාවට අවශ්‍ය මිලිටරිකරණය නෙවෙයි.

ජනාධිපති කාර්යයසාධක බලකා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මඟහැර යාමේ අනතුරක් වෙතැයි ජාතික ජන බලවේගය අනතුරු අඟවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑත දී පත්කළ ජනාධිපති කාර්යය සාධක බලකා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. කාර්යය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයෙකුට හැකියාව වෙතත් මෙතෙක් එවැනි බලකා පත්කිරීම් කර ඇත්තේ විශේෂිත ගැටළු සඳහා බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මනුෂ්‍යත්වය කියන්නේ හවුල් ඉරණමක්

“එක් තීරයක් එක් මාවතක් ”ජාත්‍යන්තර සහයෝගිතා ඉහළ පෙළේ වීඩි‍‍යෝ සමුළුව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං ලිඛිත කතාවක් පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශය, චීන වාණිජ අමාත්‍යාංශය, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ චීන ජාතික සෞඛ්‍ය කොමිසම ඒකාබද්ධ ව සංවිධාන කළ එම වීඩි‍යෝ සමුළුව ජුනි 18 වැනි දා බෙයිජිං හි දී සාර්ථක ව පැවැත්විණ. රටවල් 25 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇයි මට සහාය නොදෙන්නේ?

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර හැරීමෙන් වළකින ලෙසත්, ඒ සඳහා නිවැරදි උපාය මාර්ගය තමා වෙත දන්වන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි. “රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල් වන මුල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මැතිවරණයට සූදානම්!

2020 මහා මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සළකුණු කිරීම හා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු දැනටමත් සංවිධාන කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි. තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම ජුනි 8 වැනි දා සිදු කෙරෙන බවත්, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා තැපෑලට භාරදීම ජුනි 30, ජූලි 01 සහ 02 යන තෙදින සිදු කෙරෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

උසස්පෙල විභාග දිනය සලකා බැලේ.

උසස් පෙළ විභාගය පැවැත්වීම කල්දැමීම සලකා බැලේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් මේ වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඇතැම් පාර්ශ්ව අධ්‍යාපන අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය වෙත ඉල්ලීම් යොමු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයෙන් රතු එළියක්

ලංකාවේ ණයගැතිබව, සංවර්ධන ව්‍යාපෘතිවල දූෂිතබව හා ලංකා රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නිශ්චිත පැහැදිළි කිරීමක් නොමැතිනම්, ජපාන රජය විසින් මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ නැවත සලකා බැලීමක් සිදුකරන බවට JICA ආයතනය විසින් ලක් රජයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ලෝකයේ ප්‍රධාන ණය ආධාරකරුවෙක් හා අවුරුදු 70 ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් නාවුකයන් 33 කට සුවය..

කොවිඩ් – 19 සුව වූ තවත් නාවුක හමුදා සාමාජිකයින් 33 දෙනෙක් රෝහල්වලින් පිට ව යති. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ ඔවුන් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු වීමෙන් අනතුරුව ජුනි මස 14 වැනි දා එසේ පිටත් වූ බව නාවුක හමුුදාව කියයි. ආසාදිතයින්ගෙන් 03 දෙනෙකු කාත්තාන්කුඩි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මියගිය කොස්තාපල් සැරයන් තනතුරට

කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය අවස්ථාවේ අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට දායක වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැරයන් තනතුරට උසස් කෙරේ. ආධුනික පොලිස් කොස්තාපල් 93666 සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම 2020 ජුනි 14 වැනි දින සිට බලාත්මක වන පරිදි අදාල තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි. කොල්ලයෙන් අනතුරුව සිදු වූ රිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න