නාවුක හමුදාධිපති – අගමැති හමුවක්

හමුදා තොරතුරු

ශ්‍රී ලංකා නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 ජුලි 13 වැනි දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමු වේ.

‍මෙරට 23 වැනි නාවුක හමුදාධිපතිවරයා වන වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධුරයෙන් විශ්‍රාම යාමට පෙර සම්ප්‍රදානුකූල ව නිල වශයෙන් එසේ අගමැතිවරයා මුණගැසෙන ලදී.

දෙපල අතර සුහද පිළිසඳරක පැවති අතර, අගමැතිවරයා නාවුක හමුදාධිපතිවරයා වෙත සිය සුභාශිංසන එක් කළේ ය.

නාවුක හමුදාධිපතිවරයා 2020 ජුලි 15 වැනි දින සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *