සයින්දමරුදු පිපිරීමේ සැකකරුවෙක්

පොලීසියෙන්

සයින්දමරුදු පිපිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

පිපිරීමට අදාල සාක්ෂි වසන්කිරීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

අම්පාර, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ දී එසේ අත්අඩංගුවට පත් ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වේ.

ජූලි 13 වැනි දා පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු සිය භාරයට ගෙන ඇත.

ඉකුත් 2019 අප්‍රේල් 26 වැනි දා සයින්දමරුදු පිපිරීමට සම්බන්ධ සාක්ෂි සැඟවීම පිළිබඳ රඳවාගෙන ප්‍රශ්න කිරීමට, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *