බදියුදීන්ට තාවකාලික ගැලවීමක්

දේශපාලන

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් කල් දමා ඇතැයි ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලමේන්තු කමිටුවක් සිදු කරන විමර්ශන හේතුවෙන් තමාට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නිරත විය හැකි කාලය අහිමි වන බව හෙතෙම මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයින් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත පහත ලිපිය යොමු කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුඵ සාමජිකයන් විසින් අත්සන් තබන ලද 2020 ජූලි මස 15 වන දින දරන ලිපිය පොලිස්පති (වැ.බ.), සී ඩි වික්‍රමරත්න මහතා වෙත යවමින් මැතිවරණ කොමිසම මෙසේ දන්වා සිටී.
හිටපු ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී හා අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ නායක ගරු රිෂාඩ් බදියුදින් මහතා විසින් කොමිසමට එවන ලද පැමිණිල්ලක් අද දින කොමිසම විසින් සලකා බලන ලද බවත් එකී පැමිණිල්ල සාරාංශයක් වශයෙන් ගත් කල දැක්වෙන්නේ 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වු අවාසනාවත්ත සිදුවිම සම්බන්දයෙන් ඔහුගේ සම්බන්ධතාවයක් තිබේද යන්න බැලිම සදහා පාර්ලිමේන්තු කමිටුවක් මගින් පරීක්ෂණ සිදු කල බවත්, එහිදී ඔහු විසින් සාක්ෂි දෙනු ලැබු බවත් එකී විමර්ශනවලින් අනතුරුව රිෂාඩ් බදියුදින් මහතා ඉහත කී 2019 අප්‍රේල් මස 21 සිද්ධියට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවකට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට එකි කිමිටුව විසින් තහවුරු කර ඇති බවයි. ( Series No. 183 dated 23.10.2019)

එකී සිද්ධිය සිදු වි වසර 1/12 කට පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා නිරන්තරයෙන් කැදවිම් සිදු කරන බවත් එය තමාගේ දේශපාලන කටයුතු සදහා බාධාවක් වි ඇති බවත් ඔහු
විසින් පැමිණිලි කර ඇති බවත් දක්වා ඇත.

බදියුදින් මහතා පිලිගත් දේශපාලන පක්ෂයක නායකයකු බවත් එම පක්ෂයෙන් 30 කට ආසන්න අපේක්ෂකයන් ප්‍රමාණයක් මෙවර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවත්, එමනිසා ඔහුට එකී දිස්ත්‍රික්වල මැතිවරණ කටයුතු වලට දායක විමට සිදුව ඇති බවත් කියා සිටී. තමාගේ ඉහත කී මැතිවරණ කටයුතු වලට බාධා වන ලෙස තමාව පොලිස් මුලස්ථානය වෙත කැදවිමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට බාධා වන බවත් මෙසේ ප්‍රකාශ ලබාදිම සදහා පැමිණීමෙන් එක්වරකට තමාට දින 03 ක් පමණ මැතිවරණ කටයුතු වලින් ඉවත්විමට සිදු වන බව ඔහු පවසයි.
ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් සාවධානයෙන් සලකා බලා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විම සදහා, ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනිම මැතිවරණයෙන් පසුව 2020 අගෝස්තු මස 10 වන දින තෙක් කල්තැබිමට ඔබට දැන්විමට කොමිසම ඒ අනුව එකමතිකව තීරණය කරන ලදී.

මැතිවරණ කොමිසමේ මෙම තීරණය අතිගරු ජනාධිපතිතුමාට හා ගරු නීතිපතිතුමාටත් දැන්විමට කොමිසම අපේක්ෂා කරන බව ද ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

එසේම කොමිසම දක්වා ඇත්තේ මිට ඉහතදීද ඉහත ආකාරයේ විමර්ශනවලින් අපහසුතාවයට පත්වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පසුව සිදු කරන ලෙස කොමිසම කල ඉල්ලිම් වලට පොලිසිය ගරු කල බවයි.
කොමිසම සෑම අවස්ථාවකදිම පොලීසියේ කටයුතු අගය කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *