යුද හමුදා මූලස්ථානයට නවාංගයක්

හමුදා තොරතුරු

යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් ම වූ නවීන මාදිලියේ විලාසිතා සහ නිර්මාණ එකතුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුද හමුදා මූලස්ථානයේ විවෘත කෙරේ.

හමුදාවේ සියලු නිල සඳහා විශේෂයෙන් තෝරා ඇති නිල ඇඳුම්, පදක්කම්, සපත්තු, සිවිල් ඇඳුම්,සුවඳ විලවුන්, ලාංඡන, රිබන්, වෙනත් උපකරණ මෙන් ම රණවිරුවන්ගේ ද එහි අලෙවියට තබා ඇත.

ඔක්තෝබර් 29 වැනි දා පෙරවරුවේ ‘KIOSK’ නමැති නව අත්දැකීම ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානයේ දී සුබසාධන සේවා ආයතනයක් ලෙස ඇරඹි අතර, සියලු නිල සඳහා නියමිත මිලෙන් 50 % කට අදාල භාණ්ඩ අලෙවි කිරීමට නියමිතයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න අලෙවිසැල විවෘත කළ හ.

පිරිමි සහ කාන්තා ඇඳුම් සහ විවිධ ගෘහ විලාසිතා භාණ්ඩ මෙන් ම පන්ගොල්ලේ පිහිටි අභිමංසල 03 හි නේවාසික ආබාධිත රණවිරුවන්ගේ අත්කම් නිර්මාණ ද එහි දී මිලට ගත හැකි වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *