20 වැනි කොරෝනා මරණය

සෞඛ්‍යය

ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය ඔක්තෝබර් 31 වැනි දා වාර්තා විය.

ඇය 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඉකුත් 30 වැනි දා ජාතික රෝහලේ දී රෝගිනිය මියයාමෙන් අනතුරුව ලැබූ පීසීආර් වාර්තාව අනුව ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

නිදන්ගත රෝගවලින් පෙළෙමින් සිටි ඇය 29 වැනි දා රෝහල්ගත කර ඇත.

ඇය මෙරට 20 වැනි කොරෝනා මරණය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශය තහවුරු කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *