අයහපත් කාලගුණයෙන් බේරීමට..

උණුසුම්

එළඹෙන දින කිහිපයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් වෙතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙවැනි අන්තර්මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමයනේ දිවයින පුරා ව්‍යප්ත වෙමින් පැවතීම ඊට හේතුව වේ.

ඒ අනුව සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි, ගිගිරුම් සහිත වැසි හෝ අකුණු ඇතිවීමේ අවදානම් වෙතැයි දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එවැනි අවස්ථාවල දී ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රමවේද පහත සඳහන් වේ.

01. එළිමහනේ හෝ ගස් යට නොරැඳී ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ සිටීම.
02. කුඹුරු, තේ වතු, පිට්ටනි හෝ ජලාශ වැනි විවෘත ස්ථානවල නොසිටීම.
03. රැහැන් සහිත දුරකතන හෝ විදුලියට සම්බන්ධ කළ උපකරණ භාවිතයෙන් වළකින්න.
04. ගස් හා විදුලි රැහැන් ඇදවැටිය හැකි ස්ථානවලින් ඈත් වන්න.
05. හදිසියක දී ප්‍රදේශී්‍ය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් අමතන්න.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2020/11/02/%e0%b6%85%e0%b6%ba%e0%b7%84%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *