විපක්ෂය අල්ලස් කොමිසමට

දේශපාලන

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම රටේ නීතිය අභිබවා කටයුතු කර ඇති බැවින් මහජන මුදල් මගින් පවත්වාගෙන යාමට ස්ථාපිත කළ එමගින් රජයේ මුදල් අවභාවිත කරන බව සමගි ජව බලවේගය කියයි.

එමගින් අල්ලස් හා දූෂණ පනතේ 70 වැනි වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බැවින් කොමිසමට එරෙහි අල්ලස් පනතේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එහි මන්ත්‍රීවරුන් විසින් ‍නොවැම්බර් 06 වැනි දා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හ .

එමගින් ඔවුන් පවසන්නේ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට අභියෝගයක් වන පරිදි කටයුතු කරන බවයි . දැනටමත් මහාධිකරණයේ හා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා මත විභාග වන නඩුවලට අදාල ව එම චෝදනාවල හරය හා චෝදනා ගොනු කිරීමට අනුගමනය කරන කාර්යය පටිපාටිය අභියෝගයට ලක් කරමින් ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටිය අභියෝගයට ලක් කිරීම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය තුළින් සිදු වෙන බව ද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත .

එමෙන්ම මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට ව්‍යවස්ථාවෙන්ම වගකීම පවරා ඇති ජනරජය නීතිපතිවරයාට ඔහු දැනටමත් පවරා ඇති අපරාධ චෝදනාවල ඇති නිරවද්‍යභාව පිළිබඳ අභියෝග කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ සද්භාවය කොමිසම ඉදිරියේ පරීක්ෂණයට ලක් කිරීම පිළිබඳ ද පැමිණිල්ලෙන් අවධානය යොමු කර තිබේ .

නීතිපතිවරයා විසින් නඩු පැවරීමට ගනු ලැබූ තීන්දු තීරණවලට පදනම් වන අපරාධ පරීක්ෂණයක් හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක මගින් සොයාගන්නා ලද අපරාධ මේ කරුණු පිළිබඳ අදාල කරුණු සොයා ගන්නා ලද කාර්යය පටිපාටිය හා එම කරුණු ගොඩනගන්නා වූ සාක්ෂිවල හරවත්බව පිළිබඳ අධිකරණයට සමාන්තර ක්‍රියාවලියක් මඟින් එම කරුණු විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කිරීම මෙම කොමිසමේ කොමසාරිස්වරුන් තවදුරටත් කරන ලද දූෂිත ක්‍රියාවක් බව පැමිණිල්ලේ සඳහන් ය.

මහධිකරණය ඉදිරියේ දැනටමත් විෂයය වී ඇති සාක්ෂිකරුවන් හා සාක්ෂි ලේඛන කොමිසම ඉදිරියේ සාකච්ඡාවට ගැනීම හා අභියෝගයට ලක් කිරීම පිළිබඳ ද මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කරයි.

මේ සියල්ල සිදු කිරීමට මහජන මුදල් අවභාවිත වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරුන් කොමිසමේ සභාපතිවරයා දිස්ත්‍රික් විනිශ්චකාරවරයෙකු ලෙස කටයුතු කරන අවධියේ දී තමා හමුවේ පැවැති නඩුවක් අසත්භාවයෙන් විභාග කිරීම හා අසාධාරණ නඩු තීන්දුවක් දීමට එරෙහි අධිකරණ සේවා කොමිසම් මගින් අභියාචන අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත විනය කමිටුවක් හමුවේ පරීක්ෂණයකට මුහුණ දී වහාම ක්‍රියාත්මක පරිදි සේවයෙන් විශ්‍රාම ගැන්වීමට නිර්දේශයක් ද ලබාදුන් අයෙකු බව පෙන්වා දී ඇත .

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ ද අල්ලස් පනත යටතේ දූෂණ සිදු කිරීමේ වරදට අනුව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි .

මෙම පැමිණිල්ල භාරදීම සඳහා හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, මයන්ත දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *