කඨිණ පිංකම් පිළිබඳ දැඩි අවධානය

ආගමික උණුසුම්

කඨිණ පිංකම් පැවැත්වීමේ දී කොවිඩ් 19 පැතිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා භික්ෂූන් වහන්සේ ඇතුළු දායක සැමගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශය පෙන්වා දේ.

වැඩිහිටියන් හට වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් පැවතීමත්, පොදුවේ සියලු දෙනාට අදාල අවදානම පැවතීමත් මත සලකා අදාල දැනුවත් කිරීම සිදු කර ඇත.

එබැවින් පෙරහර වැනි ජනතාව එක්රොක් වන අවස්ථා සංවිධාන නොකිරීම, විවිධ පරිත්‍යාග, පූජා භාණ්ඩ රැස්කිරීම හෝ වතාවත් සඳහා ගෙන් ගෙට නොයා යුතු වේ.

පවතින අවදානම මත පූජනීය ස්ථානවල උපරිම බැතිමතුන් 25 දෙනෙකු පමණක් සිටිය යුතු අතර දුරස්තබව දෙදෙනෙකු අතර මීටරයක් දුර පැවතීම අනිවාර්යය ය.

මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදේශ අකුරට ම පිළිපැදිය යුතුයි.

ඒ අනුව කඨිණ පිංකම් සඳහා සහභාගි වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ජනතාව අතර කොවිඩ් 19 වෛරසය පැතිරවීම වැළැක්වීමට ව බලාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හි ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ඒකකය ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *