මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවා දිස්ත්‍රික් කාර්යාලය මගින්

විශේෂ

මෝටර් රථ දෙපාර්තමේන්තුව නාරාහේන්පිට කාර්යාලය මතු වූ අවදානම් තත්ත්වය මත විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසයි.

ප්‍රධාන කාර්යාල මඟින් සපයන සේවා යාපනය, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ හා හම්බන්තොට කාර්යාල මගින් සැපයීමට පහසුකම් සපයා ඇත.

ඒ අනුව නොවැම්බර් 11දා සිට සේවා ලබා ගැනීමට සතියේ දිනවල පහත දුරකථන අංක මඟින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු වේ.

හම්බන්තොට 0706354151 0706354152

අනුරාධපුර 0706354153 0706354154

යාපනය 0706354155 0706354156

කුරුණෑගල 0706354157 0706354158

ගම්පහ 0706354159 0706354160

වේරහැර කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක සේවයෙන් නොවැම්බර් 11දා සිට විවෘත කෙරේ.

ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු වේ.

අවදානම සහිත ප්‍රදේශයේ සේවාලාභින් පැමිණිමෙන් වැළැකි සිටින ලෙසද අවධාරණය කරයි.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිලිපැදිය යුතු බවත් ආරක්ෂක අංශ ඇතුළු කාර්ය මණ්ඩලය සදහා සහයෝගය ලබාදීමට කාරැණික වන ලෙසත් දන්වා සිටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *