කොරෝනාවෙන් තොර දීපවාලි උළෙලක්

ආගමික කොරෝනා

දීපවාලී උත්සව දිනය සැමරිය යුතු ආකාරය පිළිබඳ හින්දු ආගමික නායකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.

ඒ අනුව මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ හින්දු නායකයින්, ප්‍රජා නායකයින් ඇතුළු හින්දු ආගමික ජනතාවට ලබාදිමට පියවර ගෙන ඇත.

රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වය ද සමග නොවැම්බර් මස 14 වැනි දිනට යෙදෙන දීපවාලි උත්සවය සමරන ආකාරය පහත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ උපදෙස් මත සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටියි.4

 මෙම දීපවාලී උත්සව සමයේ දී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත්, උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුටවත් වෛරසය ආසාදනය නොවීමට වගබලා ගත යුතු ය.
 ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවල ම රැඳී සිටිය යුතුය. කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතු ය.
 දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටිමින් දීපවාලී උත්සවය සැමරිය යුතු ය.
 පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකතනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතු ය.
 කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිත ආගමික උත්සව නොපැවැත්විය යුතුයි.
 වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිත කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතුවලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා සෝදන්න.
 අතට අත දීමෙන් සහ වැළැඳගැනීමෙන් තොර ව “ආයුබෝවන් / වනක්කම්” යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුය.
 මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිත කරමින් සාද නොපැවැත්විය යුතුය.

මෙම දීපවාලි උත්සව සමයේ දී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් COVID පැතිරීම වැළැක්වීමට සහාය වන ලෙසත්, වගකීමෙන් හා ආරක්ෂිතව ක්‍රියා කිරීමෙන් දීපවාලි උත්සවය නව ආකාරයකින් සමරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *