කොරෝනා මරණ ඉහළට..

කොරෝනා සෞඛ්‍යය

මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ යයි.

නොවැම්බර් 13 වැනි දා අදාල ආසාදිත මරණ 05 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය.

අදාල මරණ පිළිබඳ විස්තර –

01. කොළඹ 14 පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නිවසේ දී මියගොස් තිබේ.

02. හලාවත පදිංචි 68 වියැති පුද්ගලයෙකු වන මොහු ආසාදිතයෙකු බව හඳුනාගෙන හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව රෝහලට මාරු කර එවීමේ දී මිය ගොස් ඇත. ආසාදනයෙන්
අධික රුධිර පීඩනය උත්සන්න වී, මොළයට රුධිරය වහනය වී මරණය සිදු ව ඇත.

03. හෘදයේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන විට ද මියගොස් සිටි ඔහු 69 හැවිරිදි රත්මලානේ පදිංචිකරුවෙකි. කොවිඩ් 19 ආසාදිත ඔහුට අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොරෝනා ආසාදනයෙන් හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගොස් තිබේ.

04. කොවිඩ් 19 ආසාදනයෙන් හෘදයාබාධයක් වැළඳී ඇති කොළඹ 13 පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත.

05. කොළඹ 13 පදිංචි 64 හැවිරිදි අයෙකු වන මොහු ද නිවසේ දී මිය යන ලදී. මරණයට හේතුව ඇදුම රෝගයෙන් පෙළුනු ඔහුට කොරෝනා වැළඳීමයිත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *