දහම් ගුරු විභාගය පසුවට

ආගමික කොරෝනා

දහම් ගුරු සහතිකපත්‍ර විභාගය 2020 කල් යයි.

දෙසැම්බර් 06 වැනි දාට විභාගය යෙදී තිබිණ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනත් සුදුසු දිනකට කල් දමන බවයි.

දහම් ගුරුවරුන් 15,000 ක් පමණ මෙවර විභාගයට සුදුසුකම් ලබා තිබූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පෙන්වා දේ.

දිස්ත්‍රික් 22 ක අදාල අයදුම්කරුවන් හා විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා මධ්‍යස්ථානය පිළිබඳ පුද්ගලිකව ම දැනුම් දෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *