ගිනිඅවි බලපත්වලට වැඩි කාලයක්

කොරෝනා විශේෂ

එළඹෙන 2021 වසර සඳහා ගිනිඅවි බලපත් අළුත් කිරීම කල් දැමේ.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අදාල පියවරට එළඹි බවයි.

අමාත්‍යාංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සියලු ගිනිඅවි බලපත් අලුත් කිරීම හා පුද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන බලපත් අලුත් කිරීම 2020 දෙසැම්බර් 31 වැනි දාට පෙර සිදු කළ යුතු විය.

එහෙත් කොවිඩ් තත්ත්වය මත අදාල දිනය 2021 පෙබරවාරි 28 වැනි දා දක්වා කල් දමා තිබේ.

ඒ වෙනුවෙන් කිසිදු දඩ මුදලක් අය නොකරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *