ගුවන් හමුදාවට විශේෂිත දිනයක්

හමුදා තොරතුරු

මෙරට පළමු ගුවන් නියමුවරියන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළඳ වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 61 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාව හා 13 වැනි කැඩෙට් නිලධාරිනී පාඨමාලාව අංක 33 සහ 34, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ නිලධාරීන් අධිකාරියට පත්කිරීම සහ අංක 90, 92 හා 95 වැනි පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූවන්ට පියාසර නිල ලාංඡන පැළඳවීම නොවැම්බර් 16 වැනි දා සිදු කෙරිණි.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සහභාගිත්වයෙන් චීනවරායේ ගුවන් හමුදා විද්‍යපීඨ කඳවුරේ දී උත්සවය පැවැත්විණ.

වසර 69 ක් වන මෙරට ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට ගුවන් නියමුවරියන් නිල ලාංඡන පැළඳියේ මෙදින වේ.

එම උත්සවයේ දී මෙරට ගුවන් හමුදා ඉතිහාසයට එක් වූ විශේෂතා 03 කි.
01. මෙරට පළමු ගුවන් නියමුවරියන් දෙදෙනා ගුවන් හමුදාවට එක්වීම.
02. පළමු වරට කැඩෙට් නිලධාරිනියක් වූ පයිලට් ඔෆිසර් ආර්. ටී. වීරවර්ධන ( නියමු පොදු රාජකාරි ) සෑම අතින් ම දක්ෂ කැඩෙට් නිලධාරියාට හිමි රන් අසිපත හිමි කරගැනීම.
03. පළමු වරට ජනාධිපති වර්ණ ධජයෙන් සමන්විත විසිර යාමේ පෙළපාලියකට නිලධාරිනියක් අණ දීම.

විසිරයාමේ පෙළපාලියේ අණ දෙන නිලධාරියා වූවේ ගෲප් කපිතාන් උදය සිල්වා ය.

61 සහ අංක 13 කැඩෙට් නිලධාරී පාඨමාලාව, අංක 33 සහ 34 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ 53 දෙනෙකු එහි දී අධිකාරියට පත් වන ලදී.

90 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවේ නිලධාරිනියන් 02 දෙනෙකු, 92 වැනි එම පාඨමාලාවේ නිලධාරීන් 09 දෙනෙකු සහ 95 අදාල පාඨමාලාවේ එක් නිලධාරියෙකු වෙත පියාසර නිල ලාංඡන පැළඳවිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *