කොරෝනා මරණ 83 යි.

උණුසුම් කොරෝනා

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි.

නොවැම්බර් 21 වැනි දා මරණ 09 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය.

ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ නැංවී තිබේ.

අදාල මරණ පිළිබඳ තොරතුරු –

01. කොළඹ 02 පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇති වූ ආසාදන කම්පනය හා නියුමෝනියාවයි.

02. වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් ආසාදනයෙන් මරණය සිදු ව ඇත.

03. දෙමටගොඩ පදිංචි 89 හැවිරිදි පිරිමි අයෙකු වන මොහු ද කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් ඇත්තේ කොවිඩ් නිවුමෝනියාවෙනි.

04. කොළඹ 10 පදිංචි 48 හැවිරිදි නිවසේ දී මිය ගිය කාන්තාවකි. කොවිඩ් 19 සමග ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.

05. කොළඹ 10 පදිංචි 72 හැවිරිදි පිරිමි අයෙකු වන අතර, නිවසේ දී මියගොස් තිබේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොවිඩ් ආසාදනයෙන් ඇති වූ හෘදයාබාධයකින් මරණයට පත් ව තිබේ.

06.කොළඹ 13 පදිංචි 69 හැවිරිිදි කාන්තාවකි. කොවිඩ් 19 හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකින් නිවසේ දී මියගොස් ඇත.

07. වැල්ලවත්තේ පදිංචි 76 හැවිරිදි පිරිමි අයෙකු වන අතර කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව රෝහලට මාරු කර එවීමේ දී මියගොස් ඇත. කොවිඩ් නියුමෝනියාව, බැක්ටීරියා ආසාදනය හා ආසාදන කම්පනයෙන් මරණය සිදු ව ඇත.

08. වැල්ලම්පිටියේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් කොළම ජාතික රෝහලේ සිට හෝමාගම රෝහලට මාරු කර එවා එහි දී මියගොස් ඇත. කොවිඩ් ආසාදනයෙන් ඇති වූ උග්‍ර නියුමෝනියාවෙන් මරණය සිදු ව ඇත.

09. කොළඹ පුද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිත බැව් හඳුනාගෙන අයිඩීඑච් රෝහල වෙත මාරු කර එවූ 76 හැවිරිදි කාන්තාවකි. මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *