කොවිඩ් මරණ 04 ක්

කොරෝනා සෞඛ්‍යය

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යයි.

නොවැම්බර් 24 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය.

අදාල මරණ පිළිබඳ තොරතුරු –

01. ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවීමේ දී නොවැම්බර් 22 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇති වූ පාචන තත්ත්වයකින් බහු අවයව අක්‍රියවීමයි.

02. සියඹලාපෙ දකුණ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොළඹ ජාතික රෝහලේ දී නොවැම්බර් 22 වැනි දා මියගොස් ඇත. නිදන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් ආසාදනයෙන් උග්‍ර වී මරණය සිදු ව ඇත.

03. කොළඹ 15 පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම රෝහලට මාරු කර එවනු ලැබ, නොවැම්බර් 24 වැනි දා මිය ගියා ය. මිය ගොස් ඇත්තේ ආඝාතය සහ කොවිඩ් නිවුමෝනියාවෙනි.

04. බණ්ඩාරගම අටළුගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. පානදුර මූලික රෝහලේ සිට අයිඩීඑච් රෝහල වෙත මාරු කර එවා 24 වැනි දා මියගොස් තිබේ. කොවිඩ් 19 සමග නිදන්ගත අක්මා රෝගයක් උග්‍ර වීමෙන් හා මොළය ඉදිමීමෙන් මිය ගොස් තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *