තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති යටතට

විශේෂ

මහජන ආරක්ෂාවට කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය ආරක්ෂාවට රාජ්ය අමාත්‍යවරයෙක්

නවැම්බර් මස 20 වැනිදා සීදු කළ අමාත යාංශ විෂයය සංශෝධනය පරකාර රකෂක සහ තාකෂණ අමාතයාංශ ජනාධිපති ගණඨාභය රාජපකෂ මැතිතුමා යටතට ගැනින.

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය වරයා ලෙස රියර් අඅද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජීය
ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍යය අමාතයවරයා ලසෙ චමල්රාජපකෂ මහතා නොවැම්බර් 26 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

21 වන සියවස දැනුම් කේන්ද්‍රීය ශත වර්ෂය ලෙස සැලකේ. එය යථාර්ථයක්
“තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහි කිරීම
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණයි.
කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්තු අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි.

එමගින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation)
ගොඩනැගීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වේ.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල්ආ ණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවකි.

ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂය පථයට අයත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *