නව පොලිස්පති ජනපති හමුවෙයි.

විශේෂ

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් 27 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වන පොලිස්පතිවරයායි.

1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි.

මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *