කොරෝනා මරණ ඉහලට

කොරෝනා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137 කි.

01.බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දෙසැම්බර් 03 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය නිසා ඇති වූ හෘද රෝගයකි.

02. බන්ධනාගාර රැඳවියෙක් වන 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දෙසැම්බර් 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.

03. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දෙසැම්බර් 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 නියුමෝනියාවයි.

04. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි.
නොවැම්බර් 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය සමඟ ඇති වූ පපුවේ ආසාදනය, උග්‍ර පෙනහලු රෝගී තත්වය සහ හෘද රෝග තත්ත්වයකි.

05. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි. දෙසැම්බර් 04 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 නියුමෝනියා තත්ත්වයයි.

06.වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකු වන 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේදී දෙසැම්බර් 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 නියුමෝනියා තත්වයයි.

07. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දෙසැම්බර් 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ කොවිච් 19 නියුමෝනියා තත්වය සමඟ ඇති වූ බහු ඉන්ද්‍රිය
අක්‍රීයවීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *