අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ.

හමුදා තොරතුරු

ත්‍රිකුණාමලය නාවුක තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවුක හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 12 වන දින ත්‍රිකුණාමලය නාවුක තටාකාංගන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

නාවුක හමුදාධිපති තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කඩිනමින් ඉදිකිරීම් නිම කල මෙම සේවා සංකීර්ණය, බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සඳහා අවශ්‍ය අමතර කොටස් ගබඩා ඒකකයන්ගෙන්, ඉංජිනේරු හා විදුලි අළුත්වැඩියා සහ නඩත්තු ඒකකයන්ගෙන් සමන්විත වන අතර, එකම ස්ථානයකින් සියලුම සේවාවන් සිදු කර ගැනීමට හැකිවී‌මෙන් එම නෞකා වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මුහුදු ආවේක්ෂන රාජකාරි සඳහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අභිනව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට දායක වූ නාවුක පුද්ගලයන් ඇමතූ නාවුක හමුදාධිපතිතුමන්, ඔවුන් වෙත සිය ප්‍රශංසාව පල කර සිටීමටද කටයුතු කරන ලදී.

මෙම විවෘත්ත කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවුක විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ‌ඡෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ, ධජ නිළධාරි නාවුක දියත් විධානය, රියර් අද්මිරාල් වයිඑම්ජීබී ඡයතිලක, කොමදෝරු අධිකාරී සැපයුම් හා සේවා නැගෙනහිර, කොමදෝරු අධිකාරී තටාකාංගනය, නැගෙනහිර නාවුක විධානයේ නියෝජ්‍ය අඥාපති ඇතුළු නාවුක හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවුක විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *