කොරෝනා මරණ තවත් ඉහලට

කොරෝනා සෞඛ්‍යය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්ත වන මුළු කාවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 152 කි.

01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක කාන්තාවකි. කොළඹ
ජාතික රෝහලේ සිට කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී දෙසැම්බර් 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ උග්‍ර හෘදයාබාධයකි.

02. වත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 71 ක කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදීbදෙසැම්බර් 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොඩ් නියුමෝනියා තත්වය සහ ලේ විෂවීම නිසා ඇති වූ කම්පන තත්වයයි.

03. මාතලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී දෙසැම්බර් 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්වය සමඟ හෘදය අක්‍රීය වීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *