ලංකා – ඉන්දුනීසියා හමුදා සංචාරයක්

හමුදා තොරතුරු

දකුණු ලෙබනනයේ ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා භට පිරිස් ඒකාබද්ධ මුර සංචාරයක තිරත වෙති.

දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා ආරක්‍ෂක කණ්ඩායම පෙබරවාරි මස 19 වැනි දා ඒකාබද්ධ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ සැහැල්ලු වාහන මගින් මාර්ග මුර සංචාරයක නිරත වූ හ.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද මෙම මුර සංචාරය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කරන ලදී.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ එය හමුදා ආරක්‍ෂක කණ්ඩායම්වල උපක්‍රම පුහුණු කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම, ශිල්පීය ක්‍රම, මාර්ග මුර සංචාරයේ ක්‍රියා පටිපාටි සහ හමුදා ආරක්‍ෂක කණ්ඩායම් දෙකෙහි භට පිරිස් අතර සුහදත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලබයි.

මෙම මුර සංචාරය සඳහා එක් සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයක් සහ සැහැල්ලු වාහනයක් සහභාගී විය.

ඒකාබද්ධ මුර සංචාරය ආරම්භ කිරීමට පෙර, ඉන්දුනීසියානු බල ඇණි අණදෙන නිලධාරි කර්නල් නුරුල් යකින් ඒකාබද්ධ හමුදා ආරක්‍ෂක කණ්ඩායම් අමතමින් මෙම මුර සංචාරයේ අරමුණ සහ
වැදගත්කම පිළිබඳ පැහැදිලි කළේ ය.

ඒ සඳහා ශ්‍රී ලංකාඑ බල ඇණි නිලධාරි අණ දෙන ලුතිතන් කර්නල් සුජීව බටගල්ල සහ ඉන්දුනීසියානු හමුදා ආරක්‍ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එකා විරා ධර්මවන් සහභාගී වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *