වොලිබෝල් සූරතාව නාවුක කාන්තාවන්ට

ක්‍රීඩා හමුදා තොරතුරු

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ‘Galaxy Cup’ වයස අවුරුදු 25 න් පහළ සුපර්ලීග් වොලිබෝල් සූරතාව – 2021 ශ්‍රී ලංකා නාවුක හමුදා කාන්තා කණ්ඩායම දිනා ගනී.

ඔවුන් හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා අදාල ජය ලැබූ හ.

2021 අප්‍රේල් මස 24 වැනි දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නයි.

තරගාවලියට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවුක හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ජාතික තරුණ සේවා සභාව, හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය, රතනපාල ක්‍රීඩා සමාජය, එම්ඒඑස් කැෂුවල් ලයින් ආයතනය, ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය, හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ අම්පාර සුපර් කිංග්ස් ක්‍රීඩා සමාජය යන ප්‍රකට කාන්තා වොලිබෝල් කණ්ඩායම් 10 ක් සහභාගී වූ හ.

නාවුක හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ලීග් තරඟ වටවල දී හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම, එම්ඒඑස් කැෂුවල් ලයින් ආයතන කණ්ඩායම සහ අම්පාර සුපර් කිංග්ස් කණ්ඩායම පරදවා අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබී ය.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගයේ දී පැවති තරග වට 3 ම 25 -20, 25-20 සහ 25-14 වශයෙන් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා එම කණ්ඩායම සුදුසුකම් ලබන ලදී.

තරගාවලියේ රන් පදක්කම් 11 ක් නාවුක හමුදා කාන්තා කණ්ඩයමට හිමි විය.

දක්‍ෂත ම පන්දු සකසන්නියට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි එච්පීඩීසී රණවීරට ද, දක්‍ෂතම පන්දු ආවරණය කරන්නියට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි එච්ජීඑස් ලක්චානි ද, දක්‍ෂතම පන්දු පිරිනමන්නිය සහ තර/‍ෙවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි කේඑල් පෙරේරා ද හිමිකර ගත් හ.

ජයග්‍රාහී කුසලානය සහ මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්ත විසින් නාවුක හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වෙත පිරිනමන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *