කොරෝනා මරණ 39 ක්

උණුසුම් කොරෝනා

ජුනි මස 02  වැනි දා රාත්‍රිය වනවිට වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 39 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එදින කිසිදු මරණයක් වාර්තා නොවූ බවත්, මැයි 17 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා වූ මරණ මෙසේ නිවේදනය කරන බවත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

ඒ අනුව කාන්තාවන් 19 දෙනෙකු හා පුරුෂයින් 20 දෙනෙකු මියගොස් ඇත.

ඔවුන් පදිංචි ව සිටි ප්‍රදේශ –

මොරටුව, මුවන්දෙනිය, මාතලේ, බොරැල්ල, බදුල්ල, යාපනය, වහමල්ගොල්ලෑව, ත්‍රිකුණාමලය, ගම්පොල
 කොත්මලේ, වව්නියාව, කැළණිය, වත්තේගම, බඩල්කුඹුර, ඇල්පිටිය, දොම්පෙ, කාත්තන්කුඩි – 03, වැල්ලම්පිටිය, වත්තල, හොරණ, බණ්ඩාරගම, මස්කෙළිය, හැටන්, වටවල, නාවලපිටිය, හපුගස්තලාව, කුරුණෑගල, ගෙලිඔය, බොගවන්තලාව, මැදවච්චිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *