කොරෝනා මරණ 48 ක්

කොරෝනා සෞඛ්‍යය

2021 ජුනි 04 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් මැයි 11 වැනි දා සිට ජුනි 03 වැනි දා දක්වා මරණ 48 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 04 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

ඒ අතර කාන්තාවන් 23 දෙනෙක් හා පුරුෂයින් 25 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1656 දක්වා ඉහළ නැංවී තිබේ.

මරණයට පත් පිරිස වාර්තා වන ප්‍රදේශ –

බොගවන්තලාව, මස්කෙළිය, මුදුන්ගොඩ, කොළඹ 13, කොලොන්නාව, කළුතර උතුර, මතුගම, කිරිමැටිය, මහනුවර, නාවාන, රදාවාන, රාජගිරිය, කොළම 10, තිහාරිය, අත්තනගල්ල, වැලිඔය, රාගම, යටවත්ත, ජල්තර, නුවරඑළිය, ගල්පාත, තුන්මෝදර, පස්යාල, ගල්ගමුව, මෙගොඩවැව, ගල්නෑව, හොරවිල, අවිස්සාවේල්ල, පුපුරැස්ස, තෝරයාය, මැල්සිරිපුර, අවුලේගම, කුරුණෑගල, ඉඳුල්ගොඩකන්ද, නාරම්මල, පොල්ගහවෙල, මොරගොල්ලාගම, අලව්ව, බණ්ඩාරකොස්වත්ත, බදුල්ල, හඟුරන්කෙත, පයාගල, බේරුවල, කිරිමැටියාව

ඉන් 29 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ද, 18 දෙනෙකු සිය නිවසේ දී ද, එක් අයෙකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට ද මියගොස් තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *