ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන්

දේශපාලන විදේශ සබඳතා සෞඛ්‍යය

ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා ලක්ෂ 06 ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි ව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා අතර 09 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද 

ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන්  ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා ජපාන තානාපතිවරයාගේ අවධානය යොමු කරන ලදී.

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො, පළමු ලේකම් ඉමමුරා කායෝ, ජනාධිපති ලේකම්පී

.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *