කොරෝනා මරණ 67 ක්

කොරෝනා සෞඛ්‍යය

2021 ජුනි 09 වැනි දා රාත්‍රී 10.30 වනතෙක් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් මැයි 17 වැනි දා සිට ජුනි 08 වැනි දා දක්වා මරණ 67 ක් වාර්තා වන බව දෙපාර්තමේන්තුව 09 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

ජුනි 01 වැනි දා සිට 08 වැනි දා දක්වා මරණ 48 කි.

ඒ අතර කාන්තාවන් 24 දෙනෙක් හා පුරුෂයින් 43 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1910 දක්වා ඉහළ නැංවී තිබේ.

මරණයට පත් පිරිස වාර්තා වන ප්‍රදේශ –

කොළඹ 15, වත්තල, වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල, මීගමුව, වාලච්චේන, කොළඹ 14, කොටහේන, දූලංකඩවල, මීගම, වැලිසර, බණ්ඩාරගම, ගාල්ල, පූජාපිටිය, ගම්පොල, අඹේපුස්ස, දෙනියාය, බොගවන්තලාව, පරකඩුව, දැඩිගමුව, වැල්ලවාය, හෙම්මාතගම, ගනේමුල්ල, ගෝනවල, ඒකල, පරන්තන්, කරන්දෙනිය, මොරටුව, වාද්දුව, මඩපාත, අළුබෝමුල්ල, පිළියන්දල, මාතලේ, එරාවුර්, වත්තේගම, බලංගොඩ, කැළණිය, හෝමාගම, කටුනේරිය, ගම්පහ, පුස්සැල්ලාව,වෙලම්බඩ, කෙන්ගල්ල, කටුගස්තොට, මහනුවර, කොළඹ 07, නුවරඑළිය, ගලගෙදර, කළුතර, කොළඹ 10, අම්පාර, පස්සර, මාතර, මාරවිල, කළුතර දකුණ, දෙහිවල සහ ගිංතොට.

ඉන් 56 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ද, 06 දෙනෙකු සිය නිවසේ දී ද, 05 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට ද මියගොස් තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *