ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන්ට ආරක්ෂක ලේකම්ගේ ඇගයුම්..

විදේශ සබඳතා විශේෂ හමුදා තොරතුරු

ඉකුත් දා මෙරට මුහුදු සීඹාවේ දී  EXpress pearl වෙළෙඳ නෞකාවේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා
ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා ලබා දුන් ක්‍ෂණික ප්‍රතිචාරය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සිය පැසසුම් පිරිනමයි.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ජුනි 11 වැනි දා කොළඹ ආරක්‍ෂක අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේ  ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) එම ඇගයීම සිදු කළේ ය.

ආරක්ෂක ලේකම්වරයා දෙරට අතර පවතින දීර්ඝකාලීන අන්තර් සහයෝගීතාව පිළිබඳ සිහිපත් කරන ලද්දේ දෙරටේ  ආරක්‍ෂක කරුණු සම්බන්ධයෙන් ඉන්දීය දූත පිරිසක් සමග එදින පැවති සාකච්ඡාව අතරතුරයි.

පවතින වසංගත තත්වයන්ට මුහුණ දෙමින් දෙරට අතර ක්‍රියාත්මක හමුදා පුහුණු වැඩසටහන් ඉදිරියටත් සාර්ථක ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද එහි දී අවධානය යොමු විය.


 ද්විපාර්ශික සහයෝගීතාව සහ අන්‍යොන්‍ය ව වැදගත් අංශ පිළිබඳ මෙම සැසිවාරයේ දී සාකච්ඡා කෙරිණි.


 නාවුක හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ්  නානායක්කාර, අතිරේක ලේකම් (ආරක්‍ෂක) පී. බී. එස්. සී. නෝනිස්,   ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාශ් ශූඩ් සහ අමාත්‍යාංශ නිලධාරින් මේ අවස්ථාවට එක් වූ හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *