කොරෝනා මරණ 62 ක්

කොරෝනා සෞඛ්‍යය

2021 ජුනි 11 වැනි දා කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් මැයි 08 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 07 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ජුනි 01 වැනි දා සිට 10 වැනි දා දක්වා මරණ 55 කි. 

මියගිය අය අතර කාන්තාවන් 27 දෙනෙක් හා පුරුෂයින් 35 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 2073 දක්වා ඉහළ නැංවී තිබේ.

මරණයට පත් පිරිස වාර්තා වන ප්‍රදේශ –

පානදුර, මොරටුව, අළුබෝමුල්ල, ගෝනවිල, ගෝවින්න, මහනුවර, ගාල්ල, තිඹිරිගස්කටුව, කොච්චිකඩේ, මීගමුව, සන්දිවෙලි, බලංගොඩ, නින්දවූර් 10, සමන්තුරෙයි, පතන, බදුරලිය, වළල්ලාවිට, බෝඹුවල, වස්කඩුව, මහගම, කළුතර, දොඩංගොඩ, මැල්සිරිපුර, අඹකොටේ, කුරුණෑගල, පනාගමුව, මදුරාගොඩ, මේරහවත්ත, කින්නියා, කාත්තන්කුඩි 04, එරාවුර් 01, කාත්තන්කුඩි 03, රත්තොට, මොණරාගල, අනුරාධපුර, මතුගම, කොටිකාවත්ත, නාගොල්ලාගම, කොළඹ 12, කඩුගන්නාව, ගම්පොල, සීදුව, හෙම්මාතගම, පිටිගල, නියාගම, කරන්දෙනිය සහ කහදූව.

ඉන් 44 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ද, 13 දෙනෙකු සිය නිවසේ දී ද, 05 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට ද මියගොස් තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *