කොරෝනා මරණ 63 ක්

කොරෝනා සෞඛ්‍යය

මැයි 23 වැනි දා සිට 31 වැනි දා දක්වා මරණ 12 ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ජුනි 01 වැනි දා සිට 11 වැනි දා දක්වා මරණ 51 කි. 

මියගිය අය අතර කාන්තාවන් 30 දෙනෙක් හා පුරුෂයින් 33 දෙනෙකු වන අතර එම එකතුවත් සමග මේ දක්වා කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 2136 දක්වා ඉහළ නැංවී තිබේ.

මරණයට පත් පිරිස වාර්තා වන ප්‍රදේශ –

ලුණුවත්ත, බණ්ඩාරවෙල, ගාල්ල, තිසාවැව, වෙන්නප්පුව, අලුත්මල්කඩුවාව, නාරම්මල, වාරියපොල, කුඩා ගල්ගමුව, බෝයගනේ, රිදීගම, මඩහපොල, පුබ්බෝගම, මොරටුව, කන්නාමුනෙයි, බුලත්සිංහල, වැල්ලවත්ත, පිළියන්දල, කෝට්ටේ, මකුල්දෙනිය, මාවනැල්ල, නාවලපිටිය, පානදුර, අරණායක, වාලච්චේන 05, වාලච්චේන 04, වළල්ලාවිට, පූඬළුඔය, හන්දෙස්ස, හතරලියද්ද, මහනුවර, ගනේගොඩ, ගම්පොල, නෑබඩ, බොල්ලස්සගම, බණ්ඩාරගම, දංඕවිට, කටුකිතුල, පිළිමතලාව, දොම්පෙ, දොඩංගොඩ, මතුගම, මීගහතැන්න, වස්කඩුව, වරාපිටිය, පෝරුවදණ්ඩ, හාවාඑළිය, ඉබ්බාගමුව, කල්මුණේ, දොරවක, අකුරණ, පිරයිතුරච්චේන සහ වරකාමුණ.

ඉන් 47 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ද, 07 දෙනෙකු සිය නිවසේ දී ද, 09 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට ද මියගොස් තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *