චීන – ලංකා ආර්ථික, වෙළෙඳ සංගමයක්

විදෙස් විදේශ සබඳතා ව්‍යාපාරික

චීන-ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගිතා සංගමය ස්ථාපිත කෙරේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොනගේ ප්‍රධානත්වයෙන් එම සංගමය බෙයිජිං 
නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම අරමුණයි.

සංගමය ඔස්සේ අනාගතයේ දී වඩාත් වැඩි ශ්‍රී ලංකා නිශ්පාදන චීන වෙළෙඳපොලට හඳුන්වාදීමට අවස්ථාව
 සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඇතැයි අපේක්ෂාකරන බව ආචාර්ය පාලිත කොහොන පැවසී ය.

එහි දී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර පැවසුවේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට වැඩි ආර්ථික හා වෙළෙඳ අවස්ථා ග්‍රහණය කරගැනීමට
සංගමය මගින් අවස්ථාව සැලසෙනු ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *