මන්ත්‍රීන්ට වාහන ගෙන්වීමට එරෙහි පෙත්සමක්

දේශපාලන නීතිය
මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ ජුනි 17 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
 
පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, නීතීඥ සුනිල් වටගල එම අවස්ථාවට සහභාගි වූ හ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් අයැද ඇති අතර, යම් හෙයකින් වාහන ආනයනය කළහොත්, ඊට අදාල සියලු තීරු බදු සහ සෙසු බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දැරූ සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *