වොලිබෝල් ක්‍රීඩාවට ඔලිම්පික් කමිටුවේ සහාය

ක්‍රීඩා

වසර 2024 සඳහා වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව එකඟදතාව පළ කරයි.

ඉකුත් දා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර ඔලිම්පික් නිවහනේ පැවති විශේෂ සාකච්ජාවක දී ඒ බව ප්‍රකාශ විය.

ඊට අමතර මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට ද කමිටුව එකඟතාව පල කරනලදී.

මෙම සාකච්ජාවට ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, ලේකම් ඒ.එස්.නාලක ඇතුළු නියෝජිතයන් පිරිසක්, ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  zoom තාක්ෂණය ඔස්සේ සහභාගි වූ හ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *