නාවුක හමුදාව අඛණ්ඩ මෙහෙයුමක

පාරිසරික හමුදා තොරතුරු

MV MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව ඇතුළු අදාල පාර්ශ්ව 2021 මැයි මස 26 වැනි දා ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

උස්වැටකෙයියාවේ සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09 ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට පත් උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශවල නාවුක හමුදා වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් ජුනි 17 වැනි දා වනවිට සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත භාර දී ඇතැයි නාවුක හමුදාව කියයි.

ඒ අනුව සරක්කුව සහ කැපුන්ගොඩ අතර අධික ලෙස දූෂණයට ලක් ව තිබූ වෙරළ තීරය 2021 මැයි මස 27 වැනි දා පැවති තත්ත්වය සහ 2021 ජුනි මස 16 වැනි දා වන විට පවතින තත්ත්වය අනුව නාවුක හමුදාවේ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් දක්වා ළඟා වී තිබේ.

ඡායාරූප –

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *