C190 නව ප්‍රවේශයකට

නීතිය විශේෂ
අන්තර්ජාතික කම්කරු සංවිධාන සම්මුතිය 190 (C190) 2021 ජුනි 25 වැනි දා සිය දෙවර්ෂ පූර්ණය සමරයි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.


අන්තර්ජාතික කම්කරු සංවිධාන සම්මුතිය 190 (C190) මේ වනවිට “පූර්ණ බලය හා බලපෑම් ගණයට” ඇතුළත් වේ.

ඒ අනුව සම්මුතිය අනුමත කළ ඕනෑ ම රටක් ඊට නීතියෙන් බැඳී සිටීමට පත් වන බව එහි ශ්‍රී ලංකා නියෝජිතායතනය නිවේදනය කරයි.
C 190 යනු දසකයකට අධික කාලයක් කාන්තා වෘත්තීය සමිති නායකයින්, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් සහ අදාල සාමාජිකයින්ගේ එකමුතුවකි. අඩු වැටුප් ලබන සහ කම්කරු කාන්තාවන්ගේ ජීවන අත්දැකීම් එහි ලා පිළිබිඹු කෙරේ.

උක්ත ගිවිසුම ප්‍රචණ්ඩත්වයට හා හිරිහැරයට මූලික හේතුවක් වන්නේ කෙසේ ද යන්න හඳුනාගැනීමට ලේඛනයක් බවට පත් කිරීමට වෘත්තීය සමිති, ස්ත්‍රීවාදීන් සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුවන්නන් දැඩි සේ කැප වී කටයුතු කළ හ. C190 යනු සුවිශේෂී ලේඛනයක් වන අතර එමගින් අවිධිමත් ආර්ථිකයක කම්කරුවන්, ගෘහ සේවිකාවන්, අවිධිමත් හෝ ශුන්‍ය පැය කොන්ත්‍රාත් කම්කරුවන්, ගිග් කම්කරුවන් සහ සාමාන්‍යයෙන් නීතිමය රැකවරණයෙන් බැහැර සෙසු සියලු කම්කරුවන් ආරක්ෂා කරනු ලැබේ.
ශ්‍රී ලංකාව ද ඉකුත් මාර්තු මාසයේ එම සම්මුතියට එක් වූ අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. විපක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කාන්තා කටයුතු පිළිබඳ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ද ඒ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළා ය.
වැඩ කරන ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ හිරිහැර අවසන් කිරීමට වන එක ම ක්‍රමවේදය කම්කරු සහයෝගීතාව බව අදාල කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දැනට ලෝකයේ රටවල් 06 ක් C190 සම්මුතිය නිල වශයෙන් අනුමත කර ඇත.
එනම් - උරුගුවේ (2020 ජුනි), ෆීජි (2020 ජූනි), නැමීබියාව (2020 දෙසැම්බර්), ආර්ජන්ටිනාව (2021 පෙබරවාරි), සෝමාලියාව (2021 මාර්තු) සහ ඉක්වදෝරය (2021 මැයි). තවත් රටවල් 02 ක් සිය ජාතික අනුමත කිරීමේ ක්‍රියාවලි සම්පූර්ණ කර ඇති නමුත් තවමත් ඔවුන්ගේ නිල ලේඛන ලෝක කම්කරු සංවිධානය විසින් චිලී සහ ඉතාලියට යවා නැතැයි වාර්තා වේ. ලෝක කම්කරු සංවිධානයේ සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර ගිවිසුම් සහතික කිරීම යනු සම්මුතියකට අනුකූල ව අදාල ජාතික නීති සහ ප්‍රතිපත්ති ගෙන ඒමට රජයක් බැඳී සිටින විධිමත් ක්‍රියාවලියකි. C190 අනුමත කරන රටවල්, වැඩ කරන ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීම සහ තුරන් කිරීම සඳහා ඇතුළත් කළ හැකි, ඒකාබද්ධ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වන අතර එය සමස්ත ලෝකවාසීන්ට මහත් අස්වැසිල්ලක් බව විචාරකයෝ පවසති.
පාර්ලිමේන්තුවක පනතක් සම්මත කිරීම යනු දීර්ඝකාලීන ක්‍රියා පටිපාටියක් වන බැවින් පවතින කම්කරු නීති හා වන පනත් සමග ඒකාබද්ධ ව උක්ත C190 සම්මුතිය ද සම්මත කිරීමට පියවර ගන්නා මෙන් ඊට සහාය දක්වන වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *