මාධ්‍ය ප්‍රේක්ෂකාගාරයේ ලක්දනට හිමි ඉඩ

විශේෂ

ලක්දන පරිශීලනය කරන සහෘදයන් අතර වැඩි ම පිරිසක් වන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදා සාමාජිකයින් ය. 

යම් පුවතක්, ඡායාරූප එකතුවක් හෝ වීඩියෝවක් උඩුගත කළ සැණින් ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර ඔවුන් වෙතින් ලක්දනට ලැබේ. ඒ කිසිදු පූර්ව පුද්ගලික හිතවත්කමකින් තොරව ය.

වර්ෂ 2017 දී එවක ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ සේවය කළ, පසු ව ලක්දන සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත් කොමාන්ඩර් දිනේෂ් කරුණාරත්නගේ සම්බන්ධීකරණයෙන් එදා සිට අද දක්වා නාවුක හමුදා මාධ්‍ය ඒකකය ලක්දන හා සිය පුවත් බෙදා හදා ගනී.

එදා පටන් පත් වූ සියලු නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්, මාධ්‍ය සම්බන්ධීකාරකවරුන් හා මාධ්‍ය ඒකක සාමාජිකයින් ලක්දනට හිතෛෂීන් වූ අතර  නාවුක හමුදාධිපතිවරුන් ද අප පිළිබඳ ප්‍රසාදයෙන් කටයුතු කළ බව කෘතඥතාපූර්වක ව සටහන් කරමි.

ඒ අතර ඉකුත් දෙවසරක කාලයක් නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශකධුරයේ කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ලක්දන පිළිබඳ තමා අදාල ධුරය උසුලන සමයේ තැබූ සටහනක්  අප 08 වැනි සංවත්සරය වෙනුවෙන් පළ කිරීමට අදහස් කරමු.

මේ එම සටහනයි!

 

ස්පාඤ්ඤයේ,ප්රංශයේ අල්තමීරා සහ ලැස්කෝ ලෙන් තුළින් මීට වසර 20000-30000 කට පමණ එපිට මානවයාගේ සාක්ෂරතාමය හැකියාව හමු වේ. ඉන් නොනැවතී අක්ෂර හැඩතල යොදා ගැනීම දක්වා ප්රකාශන හැකියාව පරිණාමය වූ අතර, චිත්රයකින් හෝ සංකේත මගින් ප්රකාශිත හැඟීම්, ලේඛනය මාධ්‍යය  කරගනිමින් සිදු විය.

මානව දියුණුවට සමගාමී ව මුද්රිත මාධ්යයට ද විද්යුත් මාධ්ය දක්වා ශීඝ්ර ගමනක් යන්නට සිදු වි ය. ඒ අනුව ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ඵලදායී ව හා දක්ෂ ලෙස ප්රයෝජනයට ගැනීම මාධ්ය සාක්ෂරතාව ලෙස සරලව ම අර්ථ ගන්වා ඇත.

මේ වට වංගුව ගැසුවේ මා අකුරුගත කරන්නට යන ඉදිරිය වඩාත් පැහැදිලි වනු පිණිස ය. එනම් ඉදිරිය ලියැවෙන්නේ ‘ලක්දන’ නම් මාධ්ය ආයතනය පිළිබඳ  ය. එසේ ම සදොස් තැන් ඇතොත් නිදොස් කොටගෙන තම තමන්ට අනුව කියවාගත හැකි අතර මේ මාගේ පෞද්ගලික අදහස යි.

‘මානව වර්ගයා දියුණු යැ’ යි නිසි අර්ථකථනයක් කරන්නේ නම් එයට සදාචාරය හා අධ්යාත්මීය පෝෂණය එක් විය යුතු යැ යි මට සිතේ. ඉදින් යම්කිසි මාධ්‍යයක මෙන් ම මාධ්ය ආයතනයකට ද තම දියුණු ඇවැසි නම් ඒ තුළ සදාචාරය හා අධ්යාත්මීය පෝෂණය තිබිය යුතු ම ය.

මාධ්යයක අධ්යාත්මය වන්නේ එහි ක්රියාත්මක වන්නා වූ මානවයන් ය. මාධ්‍යයක බහා පිටතට පැමිණෙන්නේ ඒ මානවයන්ගේ හැකියා, විචාරශීලීත්වය, ඇසූ පිරූ තැන් හා හදවත් ඇතුළාන්තය යි. ඒ මාධ්යය, ජනමාධ්යයක් බවට පත්වන්නට නම් ප්රේක්ෂකයින් සිටිය යුතු ය. ඒ ප්රේක්ෂකාගාරය තැනෙන්නේ උක්ත මා කියූ මානවයින් මතින් නිසා, ඒ ප්රේක්ෂකාගාරයේ දිග පළල තීරණය වන්නේ ද ඒ මානව හැකියාවන්ට සාපේක්ෂව ය. ඉදින් මා දන්නා ‘ලක්දන’ මාධ්ය ආයතනය හැසිරවෙන්නේ මා පැවසූ ප්රේක්ෂකාගාරය කියවාගත හැකි, සවන්දිය හැකි මානව හදවත් තුළින් නිසා ම එහි ප්රේක්ෂකාගාරය ද ඉතා පුළුල් වන අතර තවදුරටත් එහි වපසරිය අත්පත් කර ගනිමින් පවතී. ඒ ඔවුන් සන්නිවේදනය දක්ෂ ලෙස සහ ඵලදායී ව ප්රයෝජනයට ගැනීම හේතුවෙනි.

“මාධ්ය ආයතනයක් යනු ලාභ ලබන ආයතනයක් ම නො වේ” යන්නට ඇස් මානයේ ඇති හො ඳම සාක්ෂිය ‘ලක්දන’ මාධ්ය ආයතනය යි .ඔවුන් හැමවිට ම උත්සුක වූයේ ජනතාවට යහපත් සේවයක් සැපයීමට ය. සමහර මාධ්ය ආයතන සේ නොව ඔවුන් පෞද්ගලිකත්වයට හානි සිදු නොකළේ ය. මාධ්ය සදාචාරයට එහා ගිය මානව සදාචාරය ඉහළින් ම රැක්කේ ය. ඒ සඳහා ඔවුන්ගේ කාලය,ශක්තිය සහ සහාය දුන්නෝ ය. ඒ මෙහි ඇතුළාන්තය හදැත්තවුන්ගෙන් සැදුණක් නිසා ම ය. මන්ද සියල්ල ක්රියාත්මක වන්නේ ඒ මානව සිතුවිල්ලට අනුගතව ය. දන්නෝ දනිති.

ඉදින් පසුගිය කාලය පුරාවට ‘ලක්දන’ විසින් කළ කී දෑ ගැන පුරෝකථනයට අටුවා ටීකා කුමට? සියල්ල කාසියෙන් මැනෙන යුගයක සදාචාරවත් සමාජයක් වෙනුවෙන් නොනිල මෙහෙයුමක නියැළුණ ‘ලක්දන’ පණ පෙවූ, හිත හැදූ, රුකුල් දුන්, සැනසූ, දුටු නොදුටු ප්රේක්ෂකාගාරය අති මහත් ය.

“ලොකු වැඩ කිරීමට ලොකු දේවල් නැතත් එක් ලොකු හිතක් පමණක් ඇති” යන්නට මා දකින නූතන මාධ්ය උදාහරණය ‘ලක්දන’ යි. මේ මොහොතේ ‘ලක්දන’ මාධ්ය ආයතනය සම්බන්ධයෙන් කිව හැකි සියල්ල අකුරු මාධ්යයට ගලපා ගත නොහැක.

අතීත හෙළ ද්වීපය නැවතත් ලෝකය තුළ ඔසවා තබන්නට ජනමාධ්යයකට කළ හැකි කාර්‍යය මෙතෙකැයි තක්සේරු කළ නොහැක. ඉදින් මේ පොළෝ තලය යළි ඔසවා තැබෙන දා ‘ලක්දන’ ත් එහි කොටස් කරුවෙකි.

අවසන මෙසේ සටහන් තබමි. යහපත් ප්රේක්ෂකාගාරයක් තුළ යහපත් දෙයක් ම කරන්නට ‘ලක්දන’ මාධ්ය ආයතනයට අඛණ්ඩ දිරිය ශක්තිය ලැබේවා!

– ඉසුරු සූරියබණ්ඩාර

හිටපු ශ්‍රී ලංකා නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *