මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ ජයග්‍රාහකයින් මෙන්න

0
70

92 වැනි වරට සංවිධාන කළ ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන රාත්‍රියේ විශිෂ්ටතම සිනමාපටයට හිමි සම්මානය තමන් සතු කරගැනීමට බොන් ජූන් හෝ ගේ “Parasite” මිට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ අනුව හොඳම සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් ප්‍රථම විදෙස් භාෂිත සිනමාපටය ලෙස “Parasite” වාර්තා පොත අතරට එක්විය.

හොඳම රංගන ශිල්පියා ලෙස වකීන් ෆීනික්ස් “ජෝකර්” සිනමාපටය වෙනුවෙන් ද හොඳම රංගන ශිල්පිනිය ලෙස රෙනේ සෙල්වෙගර් “ජූඩි” සිනමාපටය වෙනුවෙන් ද එහිදී සම්මානයට පාත්‍ර විය.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේ දී පැවැත්වුණු ඔස්කාර් සම්මාන උලෙළේ ජයග්‍රාහකයින්ගේ සම්පුර්ණ ලැයිස්තුව

හොඳම සිනමාපටය : “Parasite”

හොඳම රංගන ශිල්පියා : Joaquin Phoenix “Joker”

හොඳම රංගන ශිල්පිනිය : Renee Zellweger “Judy”

හොඳම සහාය රංගන ශිල්පියා : Brad Pitt, “Once Upon a Time in Hollywood”

හොඳම සහාය රංගන ශිල්පිනිය : Laura Dern, “Marriage Story”

හොඳම අධ්‍යක්ෂණය : Bong Joon Ho, “Parasite”

හොඳම සජීවිකරණ චිත්‍රපටය : “Toy Story 4” Josh Cooley

හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය: “Hair Love,” Matthew A. Cherry

හොඳම අනුවර්තිත තිර පිටපත : “Jojo Rabbit,” Taika Waititi

හොඳම මුල් තිර පිටපත : “Parasite,” Bong Joon-ho, Jin Won Han

හොඳම කැමරා අධ්‍යක්ෂණය : “1917,” Roger Deakins

හොඳම වාර්තා සිනමාපටය : “American Factory,” Julia Rieichert, Steven Bognar

හොඳම සජීවී ක්‍රියා කෙටි චිත්‍රපටය : “The Neighbors’ Window,” Marshall Curry

හොඳම විදෙස් භාෂිත සිනමාපටය : “Parasite,” Bong Joon Ho

හොඳම සංස්කරණය :“Ford v Ferrari,” Michael McCusker, Andrew Buckland

හොඳම හඬ සංස්කරණය : “Ford v Ferrari,” Don Sylvester

හොඳම හඬ සංකලනය : “1917”, Mark Taylor and Stuart Wilson

හොඳම නිෂ්පාදන සැලසුම් : “Once Upon a Time in Hollywood,” Barbara Ling and Nancy Haigh

හොඳම සංගීත අධ්‍යක්ෂණය : “Joker,” Hildur Guðnadóttir

හොඳම ගීතය : “I’m Gonna Love Me Again,” “Rocketman”

හොඳම වෙස් ගැන්වීම සහ කොණ්ඩා සැකසුම් : “Bombshell”, Kazu Hiro, Anne Morgan and Vivian Baker

හොඳම ඇඳුම් නිර්මාණ : “Little Women,” Jacqueline Durran

හොඳම දෘශ්‍ය ප්‍රයෝග : “1917”, Guillaume Rocheron, Greg Butler and Dominic Tuohy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here