ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙමෙයි

0
23

කොටුවෙ මහේස්ත‍්‍රාත් පොලිසියෙන් අල්ලගෙන ආපු තායි ගණිකාවන් ගැන දීපු තීන්දුව මෑත කාලෙදි බලාපොරොත්තු නොවුනු තරමෙ ප‍්‍රගතිශීලී එකක්. කෙටිකතාවක් ලිව්වා කියලත් රිමාන්ඞ් කරන තත්වයක් ඇතුලෙ මේ තරම් කොන්ද පණ තියෙන තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඒ මහේස්ත‍්‍රාත්වරයාට ප‍්‍රශංසා කරන්න ඕන. මේ අනුව කවුරුන් හෝ තමන්ගේ රැකියාව විදිහට ගණිකා වෘත්තියේ යෙදීම වරදක් වෙන්නෙ නෑ. කවුරුන් හෝ ගණිකාවන් ලෙස සේවයේ යෙදවීමයි වරද වෙන්නෙ. ඒ හින්ද ඔන්ලයින් මාධ්‍යයන් පාවිච්චි කරලා කාන්තාවකට හෝ පිරිමියෙකුට බයක් නැතිව ගණිකාවක් විදිහට තමන්ගේ රස්සාව කරගෙන යාමේ නිදහස තියෙනවා. ඒ වගේම පාරක රට ගැහැනියක් දැකපු ගමන් ගණිකාවක් විදිහට ලේබල් කරලා කුදලාගෙන යාමේ පොලිස් අපචාරයට නමට හරි තිතක් වැටෙනවා.

මොනිකා බෙලූචි ගණිකාවන් ගැන ලස්සන කතාවක් කියනවා.

“ගැහැනියක් විදිහට ගණිකාවක් කියන්නෙ මට හරිම කුතුහලය උපදවන චරිතයක්. වැඩියෙන්ම ඒ අයට අපිට වඩා පිරිමි ගැන දැනීමක් තියෙනවා කියන අදහස හින්ද. ඒ වගේම ඒක හරිම අමුතු ජීවිත විදිහක්. මේ අතර ඉන්නවා සමහරු ගණිකාවක් වීමේ කැමැත්ත නිසාම ගණිකාවක් වුණු. ඒ කියන්නෙ වෙන කවුරු හරි පොළඹවන හෝ තල්ලූ කරන හින්ද නෙමෙයි. එයා ගණිකාවක් වෙන්නෙ එයාට ගණිකාවක් වෙන්න ඕන හින්ද. ඒක එයාගෙ ජීවිත දර්ශනය හින්ද.”


චින්තන ධර්මදාස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here