යොවුන් පාර්ලිමේන්තුවේ වැඩ යහපාලනයට ඕන විදියට

0
6
යොවුන් පාර්ලිමේන්තුවේ වැඩ යහපාලනයට ඕන විදියට

ශ්‍රී ලාංකික තරුණ පරපුර ප්‍රජාතාන්ත්‍රයීය රාමුවට ඇතුළත් කිරීමේ අරමුණින් 2010 වසරේදී යොවුන් පාර්ලිමේන්තු වැඩසටහන එකී පරමාර්ථයන්ගෙන් බැහැරව බලයේ සිටින ආණ්ඩුවේ අරමුණු ඉටුකරගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට පත්ව තිබේ.
යොවුන් පාර්ලිමේන්තු වැඩසටහන සඳහා 2010 වසරේ සිට මේ වසරේ මුල් කාර්තුව දක්වා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 243කට ආසන්න බව ද වාර්තා වේ.

බලයේ සිටින ආණ්ඩු යටතේ ජාතික තරුණ සේවා සභාවට පත්කරනු ලබන සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ අභිමතයන් සඳහා තරුණ පරපුර පාවිච්චි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කොට ඇති යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනට අනුව අවසන් වරට පැවැත්වූ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැයකොට ඇති මුදල රු.මිලියන 50කි.

එහෙත් එම මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිටි තරුණ ඡන්ද දායකයින් 334026කින් ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ තරුණ ඡන්ද දායකයින් 112367ක් පමණක් බවද වාර්තා වේ.

ඒ අනුව එක ඡන්ද දායකයකු සඳහා වැයකොට ඇති මුදල රුපියල් 445කට ආසන්නය.


රංජිත් ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here