කාදිනල් තුමා මානව හිමිකම් එපා කීවට, කතෝලික පියතුමෙක්ම දුන්නු සැර පිළිතුර

0
34
කාදිනල් තුමා මානව හිමිකම් එපා කීවට, කතෝලික පියතුමෙක්ම දුන්නු සැර පිළිතුර

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත්ගේ “මානව හිමිකම් අවශ්‍ය නැහැ” යන ප්‍රකාශය නිසා පසුගිය දිනවල විවිධ මතිමතාන්තර ඇතිවුනා. බොදුබල සේනාව සහ බෞද්ධ සහ කතෝලික සමහර පිරිස් කාදිනල් තුමන්ගේ ප්‍රකාශය හරි යයි ප්‍රකාශ කල අතර ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටියා. මංගල සමරවීර මහතා කාදිනල් තුමාගේ ප්‍රකාශයට එරෙහිව දැක්වූ අදහසක්ද ඉතාම ම්ලේච්ච ලෙස විවේචනය කිරීමටත් ඒ සංවිධාන සහ පක්ෂපාතී ජනතාව යොමු වුනා.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ වරයෙකු, කතෝලික පියතුමෙකු වන අශෝක් ස්ටීවන් ගරු පියතුමා කාදිනල් තුමාගේ ප්‍රකාශයේ ඇති වරද, අඩුපාඩුව ඉතා උගත් සහ පැහැදිලි ලෙස පෙන්වා සිටියා…. එම අදහසේ සංක්ෂිප්තය පහතින් දක්වා ඇති අතර, වීඩියෝවත් පහතින් ඔබට නැරඹිය හැකියි.

ඔස්කා රොමේරෝ රදගුරුතුමා හෙට සාන්තුවරයට එසැවෙන්නෙත් තම රටේ පීඩිත ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නිසයි.

කාදිනල්තුමාගේ අදහස අනුව මානව හිමිකම් ක‍්‍රියාධරයින් ආගමක් නැති අයයි. මම අහන්න කැමතියි එතකොට ලංකාවේ කතෝලික සභාව තුළ අන් අයගේ මානව හිමිකම් වෙනුවෙන් කැප වූ ගරු තිස්ස බාලසූරිය පියතුමා, ගරු මයිකල් රුද්‍රිගු පියතුමත් අනාගමිකයින්ද?, ලංකාවේත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කතෝලික පියවරුන් රැසක් සිටිනවා.

ආගම් ඇදහීමෙන් මානව හිමිකම් රැකෙන බව ඇත්ත. නමුත් ආගම ඇදහීමෙන් පමණක් මානව හිමිකම් රැකෙනවා නම් පසුගිය කාලයේ ලංකාවේ උතුරෙත් දකුණෙත් සිදු වූ මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් කාදිනල් හිමි මැදිහත් නොවුනේ ඇයි….?

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා නි.ම.නි.
විධායක අධ්‍යක්ෂ – සමාජය හා සාමයික කේන්ද්‍රය

එම අවස්ථාවේ වීඩියෝව පහතින්. (වීඩියෝවේ සම්පුර්ණ අයිතිය සමාජීය හා සාමයික කේන්ද්‍රය සතුව පවතියි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here