“සූර පප්පාට” පණ දුන් ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයෙන් සමුගනී

0
22

අප සූර පප්පා ලෙස හදුන්වන ඇස්ටරික්ස් සජීවීකරණ නිර්මාණය තුලින් ලෝකයම පිනවූ ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයට සමුදුන් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනය කරන ලදී. ඒ ඔහුට වයස අවුරුදු 92ක් වන විටය.

ලේඛක රෙනේ ගොස්කින් හා එක්ව ඇස්ටරික්ස් විකට චිත්‍ර කථාව නිර්මාණය කළ අඩර්සෝ මිය ගොස් ඇත්තේ වැළදුන දරුණු හෘදයාබාදයක් හේතුවෙන් කිසිවෙකුත් නොදන්නා රාත්‍රී කාලයේදීය.

ප්‍රංශ ජනප්‍රිය සංස්තෘතිය තුළ ඉතා සුප්‍රසිද්ධ වූ ඇස්ටරික්ස් චරිතය ඇසුරෙන් නිර්මාණය වූ ඇල්බම 370ක් ලොව පුරා විකිණී ඇති අතර ඒ ඇසුරින් නිමැවුණු චිත්‍රපට11කි. මීට අමතරව මෙම චරිතය වඩා ගොඩ නැගුණ උද්‍යාන තේමා පමණක් නොව කුඩා දරුවන් අමන්දානන්දයට පත් කළ ක්‍රියාකාරකම් බොහෝමයක් ලෝකය පුරා නිර්මාණය වී ඇත. ගෝල් දේශය රෝමානුවන්ගෙන් බේරා ගැනීමේ මහා මෙහෙයුම ඉතා පහසුවෙන් සහ ධෛරයයෙන් ජයගත් ඇස්ටරික්ස් ඇතුළු චරිත වටා ගොඩ නැගුණ මෙම සජීවී කරණ කථාව ප්‍රංශයේ පමණක් නොව සමස්ථ ලෝකයේම නොදන්නා කෙනෙක් නැති තරම්ය.

ප්‍රංශ ඉතිහාසය තුළ ලියා ඇත් පරිදි සීසර් නම් බලලෝභී පාලකයා හමුවේ නොසැලුන අයෙක් නැති තරම්ය නමුක් වර්සින්ගෙටෝරික්ස් නම් ගෝල් නායකයකු සීසර්ට එරෙහිව දරුණු සටනක් කළ බවට ඉතිහාසය ගැන සෙවූ ගොස්කින් සහ උඩෙර්සෝ විසින් අනාවරණය කරගනී. අවසානයේ නමුත් රෝමන් හමුදාවේ යුධ ශක්තිය හමුවේ වර්සින්ගෙටෝරික්ස් යටත් වුවත් ඔහු එසේ යටත් නොවුනානම් යන මනංකල්පිත සිදුවීමේ හිදිමින් මොවුන් දෙදෙනා මෙම අපූර්ව නිර්මාණය සිදු කරනු ලබන්නේය.

භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්ථනය වූ ඇස්ටරික්ස් කථා මාලාවේ කථා රචක රෙනේ ගොස් කින් හා ඇස්ටරික්ස් එක්ව කටයුතු කිරීම ඇරඹුවේ 1951 වසරේදීය. 1958 දී ටින්ටින් චිත්‍ර කතා සඟරාවේ පළ වූ ඔවුම්පා-පා චිත්‍ර කතාව ගොසිනි සහ උඩර්සෝ එක්ව අලුතින් නිර්මාණය කළ පළමු චිත්‍රකතාව යි. එතැන් පටන් ඔවුන් දෙදෙනා ඉතා නිර්මාණශීලි ලෙස ඇස්ටරික්ස් පමණක් නොව තවත් සජීවීකරණ චිත්‍ර කථා සහ චරිත කිහිපයක් නිර්මාණය කළෝය. කෙසේ වුවත් 1977 වසරේදී රෙනේ ගොස්කින් මිය ගිය පසු කථාව සම්පාදනය කරමින් හා චිත්‍ර නිර්මාණය කරමින් උඩර්සෝ අඛණ්ඩව නිර්මාණ කරණයේ නියැලිණ. 1980 වසරේදී ඔහු 25 වන ඇස්ටරික්ස්ක් ඇල්බමය වන ද ග්‍රේට් ඩිවයිඩ් ප්‍රකාශයට පත් කරන ලදී. එය උඩර්සෝ තනිව රචනා කොට නිර්මාණය කළ පළමු අවස්ථාවයි.

එසේ වුවත් නිර්මාණකරණයත් සමගම වැඩ කළ හැකි නීරෝගී පුද්ගලයෙකු ලෙස සිය කාර්යභාරය අවසන් කරන්නට සිතූ උඩර්සෝ 2009 වසරේදී විශ්‍රාම ගනිමින් ඇස්ටර්ක්ස් චර්තයේ අයිතිය Hachette ආයතනය වෙත විකුණා දැමිණි. ඔහු අද මිය ගියද මේ වන විටශෝන්-ඉවේ ෆෙරී රචනයෙන් ද දිදියර් කොන්රඩ් චිත්‍ර ඇඳීමෙන් මෙම සුප්‍රකට නිර්මාණය තව දුරටත් ගොඩනගමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here