කොරෝනා අවදානම අස්සේ පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ

0
36

මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තමන් පසුගිය 27 වනදා පැවැත්වූයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් නොව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදුවුණු ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය හිඟයට පිළියම් යෙදීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ස්වේච්ඡා සේවකයින් සමඟ පැවැත්වූ හමුවක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.

එම රැස්වීමටම සහභාගී වූ කාංචන විජේසේකර පවසා තිබුණේ මාර්තු 15 වනදා සිටම තමන් රැස්වීම් පැවැත්වූයේ කොරෝනා වෛරස් පාලනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා බවකි.

මේ දෙදෙනාම පවසන ආකාරයට ඔවුන් නියැළී ඇත්තේ මැතිවරණ ප්‍රචාරණ වැඩක නොව කොරෝනා මර්ධන වැඩකය. එහෙත් එම රැස්වීමේදී ඔවුන්ගේ හිසට පිටුපසින් ඉතාම පැහැදිලිව ලොකුවට සටහන් කර තිබුණේ පොහොට්ටුව ලකුණ බව ඕනෑම පොඩි ළමයෙකුට වුව පෙනෙන දෙයකි.

එහෙයින් මේ දෙදෙනාට අනුව මාතර, අකුරැස්ස ප්‍රදේශයේදී කොරෝනා වෛරසය හඳුන්වන ලාංඡනය බවට පත්ව ඇත්තේ පොහොට්ටු ලකුණ විය යුතුය.

එහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – අකුරැස්ස ආසනය කියාද සටහන්ව තිබේ. කොරෝනා වෛරසයට අකුරැස්ස පැත්තේදී කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියාදැයි අප දන්නේ නැත.

කිතුල් ගහේ ගිය එකාටත් කියන්නට කතාවක් තිබුණු බව අපේ ජනවහරේ එන අතර මෙවැනි ගල් පැළෙන බොරු කියන දේශපාලකයින් නැවතත් පාර්ලිමේන්තුවට වද්දා ගන්නවාද නැද්ද යන්න අකුරැස්සේ ජනතාව තීරණය කළ යුතුය. මේවා දේශපාලන කොරෝනා විෂබීජ ය.

“කොළොම් තොටින් නැ නැග්ගා අපේ රටේ මනුස්සකම – කොළොම්තොටට ගොඩබැස්සේ අමනකමයි ඒ වෙනුවට” කියා ගීතයකින්ම කියා තිබුණේ අප නොව ඩලස්ගේ ආදරණීය බිරින්දෑම බවත් සිහිපත් කළ යුතුය.


ලංකා නිව්ස් වෙබ් ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here