කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්

0
31

ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා.

එය ඉදිරි සතියේ පරීක්ෂා කිරීම් සඳහා යොදා ගැනීමට නියමිත අතර, එමගින් එරට කොරෝනා වෛරස් පරීක්ෂාවන් කාර්යක්ෂම වනු ඇති බව ඕස්ට්‍රේලියාවේ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරයෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඬලීමට නම්, වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂාවන් පුළුල් කළ යුතු බවයි.

එම පරික්ෂාවේදී අදාල පුද්ගලයාගේ රුධිරය බින්දුවක් යොදා ගනිමින් විනාඩි 15ක් ඇතුළත අදාළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපද වී ඇත්දැයි පරීක්ෂා කළ හැකි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

දැනට පවතින නවීනතම කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල මගින් ප්‍රතිඵල ලබා ගැනීමට පැය 5ත්, 6ත් අතර කාලයක් ගත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here