අලුත් පියාපත් ‌වෙතින් කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල රැසක් ‌රෝහල් සඳහා ‌බෙදා හැරේ

0
34

රට පුරා කොරෝනා වසංගත තත්ත්තවය පැතිරයාමත් සමඟ තරුණ බලපෑම් කණ්ඩායමක් ලෙස තමන්ගේ වගකීම සොයාගිය අලුත් පියාපත් සංවිධානය පසුගිය මාර්තු 19 වන දින රාගම ශික්ෂණ රෝහලට ගොස් එහි අධ්‍යක්ෂක ෂෙල්ටන් පෙරේරා මහතා සහ ප්‍රධාන හෙද නිලධාරිනී මේනකා ප්‍රියන්ති මහත්මිය හමුවී සාකච්ඡා කර තමන්ට ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්න විමසා සිටියේය. ඒ අනුව ඔවුන්ට අත්‍යවශ්‍යව පැවති කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල මැසීමේ කටයුත්ත ඔවුන් විසින් ආරම්භ කරනු ලැබුවේ ඊට පසු දින ඇඳිරි නීතිය පනවනු ලැබීම හරහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දුෂ්කරතාවයකට සහ මූල්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති පසුබිමකය.

එහෙත් මුලු රටම නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක්වන පරිසරයක් තුල ඔවුන් තම වගකීම නිසි ලෙස ඉටු කරමින් තම ජීවිත අවධානමද නොතකා මේ සඳහා පෙරමුණ ගත්තේ සෞඛ්‍යය අංශයේ සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව මේ මොහොතේ අන් සියල්ලටම වඩා වැදගක් වූ හෙයිනි. මන්ද කොරෝනා මැඩලීමේ කාර්යයයේ වැඩිම අවධානම සහ වැඩිම කාර්යභාරයක් මේ මොහොතේ ඉටු කරමින් සිටිනු ලබන්නේ ඔවුන් වන බැවිනි. ඒ අනුව මේ සඳහා මූල්‍යමය සහ ශ්‍රමදායකත්වය නොමසුරුව ලබාදුන් බොහෝ ආදරණිය මිනිසුන්ගේද සහය ඇතිව මේ වන විට දිවයින පුරා රෝහල්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ පොලිස් ස්ථාන රැසකට ඔවුන් විසින් රාගම ශික්ෂණ රෝහලෙන් ලද මග පෙන්වීම යටතේ ඉතා ආරක්ෂිතව නිශ්පාදිත සම්පූර්ණ කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 1000කට ආසන්න ප්‍රමාණයක් පහත ස්ථානයන්ට බෙදා දී ඇත.

1. රාගම ශික්ෂණ රෝහල
2. කොළඹ ප්‍රාදේශීය රෝහල
3. මුල්ලේරියාව රෝහල
4. රත්නපුර ළය චිකිත්සාගාරය
5. කිරිබත්ගොඩ මූලික රෝහල
6. කාසල් වීදියේ කාන්තා රෝහල
7. හෝමාගම රෝහල
8. තලංගම පොලිස් ස්ථානය
9. අතුරුගිරිය පොලිස් ස්ථානය

10. කොළඹ ජාතික රෝහල
11. නවගමුව පොලිස් ස්ථානය
12. පිළියන්දල මහජන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය
13. නවගමුව රෝහල
14. නෑබෝඩ ‌රෝහල
15. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නුවර
16. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කුරුණෑගල උඩුබද්දාව
17. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය අවිස්සාවේල්ල
18. ‌ අවිස්සාවේල්ල ‌රෝහල

[box type=”success” align=”aligncenter” class=”” width=””]

ජනයුගය වෙබ් මාධ්‍ය ජාලයෙන් ඔවුන්ගේ කර්තව්‍ය වෙනුවෙන් විප්ලවීය ආචාරය !

[/box]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here